Windows 10 Creators Update මීලග Windows වෙතට වන ප්‍රධාන යාවත්කාලීනය වනු ඇත. පසුගිය ඔක්තෝබරයේ  Surface Studio all-in-one PC හා Surface Dial rotary input device දෘඩාංග සමග නිවේදනය වූ මෙම නිකුතුව පිලිබඳව හෝඩුවාව පිලිබදව ආසන්න දිනසටහන වූවේ 2017 මුල් භාගය ලෙසටය. මේ වන විට Dell වෙතින්ද නැවත තහවුරු වන පරිදි මෙම නිකුතුව මෙම වසරේ අප්‍රේල් වලදී පමන සිදුවෙනු ඇති බවටයි සඳහන් වන්නේ. දැනට පැවසෙන පරිදි සමහර interfaces වල වෙනස්කම් කිහිපයක්, Start මෙනුව වෙතට app ෆෝල්ඩරයේ පැමිනීම, පහසු සංනිවේදන  මිත්‍ර බව, Edge බ්‍රවුසරයේ දියුනුකිරීම සමග Flash ගොනු default මට්ටමින් බ්ලොක් කිරීම ඇතුලු 3D මිත්‍රබව ප්‍රමුකව වෘතීය මට්ටමේ නිර්න්=මාන ශීලී භාවිතාවට සහය දැක්වීම ආදිය ඉන් කිහිපයකි. සරලව සැලකීමේදී වඩාත් ක්‍රියාකාරීකම් සමග වේගවත් ආරක්ශිත මෙහෙයුම් පද්ධතියක් වෙතට අත්දැකීම් මෙම නව යාවත්කාලීනය ගෙන එනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙන්නේ.