Microsoft වෙතින් Windows 10 අවසන් නිකුතුවට තව ඇත්තේ කෙටිකලක් බවටයි බලපොරොත්තුව වන්නේ. WinHec වල පැවති හමුවකදී හෙලිව්නා නව කාරනාවක් වූයේ නව මෙහෙයුම් පද්ධතිය USB 3.1 Type-C වෙතට හා USB Dual Role හැකියාවන් වෙතට සහය දක්වනු ඇති බවය. මේ සමග නව මෙහෙයුම් පද්ධතියට වැඩි බලැති external display වෙතට සම්බන්දවීමේ හැකියාව, power transfers (100W) දක්වා හැකියාව ආදී බොහොමයක් වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එලබෙන යුගයේ උපාංග අතර විය යුතු පහසු දත්ත හුවමාරු හැකියාව සදහා මෙම සංයුත්තවීම වැදගත් පිවිසුමක් වනුඅ එති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.