පරිගණක භාවිතාවේ ප්‍රධාන ලක්ෂය Mobile දෙසට චලනය වීම පිලිබදව තව දුරටහ් ගැටලුවක් නැත. Microsoft ආයතනයද Windows 8 වලසිට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියද වඩාත් Mobile භාවිතාව මිත්‍ර දෙසට ගෙනයන්නට කටයුතු කරමින් සිටී. Windows 10 සමග මෙම ප්‍රවනතාවය වඩාත් කැපී පෙනෙන බවක් හා 8 වලදී ගත් වැරදි තීරනයක් වූ Desktop භාවිතාව මග හැරීම නැවත සමනය කර ගන්නට උත්සාහ කරනු දැකිය හැක. ක්‍රමයෙන් පෙර නිකුතූන් පෙලක් Windows 10 සදහා පැමිනෙමින් ඇති අතර එහි එකින් එක සමග ක්‍රමානුකූලව එම ආයතනය Windows10 වඩාත් පරිපූර්න එකක් බවට පත්කරන්නට ගන්නා උත්සාහය කැපී පෙනෙමින් ඇත. Battery Saver මෙසේ Windows 10 සමග පැමිනෙතැයි බලාපොරොත්තු වන හා දැනටමත් පෙර නිකුතූන් සමග පැමින ඇති අංගයකි. Mobail උපාංගයක බැටරි බලය ගැන සංවේධීව සිට එහි අඩුවැඩි වීම උපකරනයේ ක්‍රියාකාරීත්වයට වඩාත් හිතකරව සහය දැක්වීම මෙම අංගයෙන් සිදුවේ. දැනට පැහැදිලි වන්නේ මෙම modeය සංක්‍රීයව පවතින විට background activity නැතිනම් මෙහෙයුම් පද්ධතිය විධිමත්ව ක්‍රියත්මක වන්නට අවශ්‍යවන පසුබිම් වැඩසහන් වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සිදුවන අතර එය සංක්‍රියව තබන්නට මෙන්ම භාවිතාකරන්නා හට යම් බැටරි බල ප්‍රමනයක් පැමිනි විටදී automatically සංක්‍රියවීමට හැකිවන ලෙසට සැකසුම් ලබාදෙන්නට හැකිව පැමිනෙනු ඇති බවටයි පෙනෙන්නේ. ආයතනය 9888 Windows 10 පෙර නිකුතුව සමග මෙම අංගය වෙතට නැවත යාවත්කාලීනයක් එක් කර ඇති බවටයි පැහැදිලි වන්නේ.