සරලව Disk Fragmentation යනු ඔබගේ පරිගණකයේ දෘඩ තැටියේ වන දත්ත ගොනු අපිලිවලකට පැමිනීම ලෙසට හඳුනා ගත හැක. හුදු නඩත්තුවකින් තොරව කලක් භාවිතාකීමෙන් පවා මෙම තත්වය දෘඩ තැටියේ ඇති විය හැකි අතර මීට අමතරව නිතර මෘදුකාංග ස්ථාපනය , අස්ථාපනය වැනි හේතූන් මතද සිදුවිය හැක. එසේම සමහර හානිකරයන්ගේ ක්‍රියාකාරීත්වය තුලද මෙවැනි තත්වයක් ඇති විය හැකි අතර මෙම අවුල් සහගත බව එහි ඇතිවීම සමග ක්‍රමයෙන් පරිගණකයේ වේගය අඩුවීම , සිරවීම් සෙවභාවයක් ඇති වීම මෙන්ම කලක අවසානයේ දෘඩ තැටිය සම්පූර්නයෙන් අකර්මන්‍ය වීමකට පවා හේතු විය හැක. මෙහෙයුම් පද්ධතිය සමගම මේ සදහා සහය මෘදුකාංගයක් පැමින ඇති අතර මෙම Auslogics Disk Defrag මෘදුකාංගයද මෙම ගැටලුව සදහා වඩාත් ක්‍රමවත් සහනයක් නොමිලේ ගෙනෙන බවටයි පවසන්නේ. FAT 16/32, හා NTFS යන ගොනු වර්ග වලට සහය දක්වන මෙම fragmentation toolය Defrag and optimize ,Free space consolidation තවත් පහසුකම් බොහොමයකින්ද සමන්විතව පැමින ඇත. පහත දැක්වෙන දිගුව ඔස්සේ මෙම මෘදුකාංගයෑ නවතම සංස්කරනය් ඔබටද බාගත කරගන්නට හැකි වනු ඇත.