මෙම වසරේ අවසාන භාගය වන විට Windows 10 පැමිනීම බොහෝ සෙයින් ස්ථිරව ඇති අතර මීලගට වන බහුල විමසීමක් වන්නේ එය ජොයි ආකාරයට භාවිතාවට පිවිසීමක් වේවිද යන්නය. සම්පූර්නයෙන් නොමිළේ පැමිනීමක්ද නැතිනම් මොනයම් සීමා යටතේ ඒය සිදුවේවිද යන්න ඔවුන් විමසමින් සිටී. Gabe Aul ගේ Twitter කිරීමක් හෙලිකර සිටින්නේ windows 7 වලින් ඉහල Microsoft මෙහෙයුම් පද්ධති සදහා පමනක් Windows 10 වෙතින් upgrade හැකියාව ‍රැගෙන එනු ඇති බවත් XP පමනක් නොව Vista ඇතුලු ඉන් පෙර සංස්කරන සදහා clean install අවශ්‍ය වනු ඇති බවත්ය. සමහර විටක තාක්ශනික ගැටලුද හේතු වන්නට ඉඩ ඇති XP සදහා මෙම පහසුව නොපැමිනීම සිදු වුවද පසුගිය දෙසැම්බරය වන විටත් ලොව සමස්ත භාවිතාවෙන් (DeskTop) 18%ක් ම තවමත් XP භාවිතාව සිදු වන බවටයි වාර්ථා වන්නේ. ආරම්භයේ සිටම එතරම් ප්‍රසාදයක් දිනා නොගත් Vista වල භාවිතාව 2.9% ලෙසටත් දැනට ප්‍රධාන භාවිතාව ලෙසට සැලකිය හැකි Windows 7 (56%)ක භාවිතාවක්ද Windows 8/8.1 (12.5%)ක භාවිතාවක්ද එම Net Applications ගනන වාර්ථාවලින් හෙලිව තිබුනා. Windows 10 සදහා මාධ්‍ය හමුවක් මෙම මස අවසන් භාගයට යෙදී ඇති අතර එහිදී නව මෙහෙයුම් පද්ධතියේ consumer features පිලිබදව තොරතුරු හෙලි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.