පසුගිය වසරේ වඩාත් අවධානය දිනා ගත් කාරනා අතරට Apple Watch, Samsung’s wearables, the Moto 360, Fitbit’s fitness trackers හා Microsoft Band පැමිනේ. මෙම smart watch ‍රැල්ල මෙම වසර කරා ද පැමිනෙනු ඇති බවට අනාවැකි පලවූ අතර එලබෙන කාලයේ වඩාත් වැඩි අවධානයක් ලබා ගන්නා උපාංගයක් වනු ඇති බවටත් බලාපොරොත්තු පල විය. මේ අතර Withings වෙතින් $150 මිලකට වන analog smart watch එකක්( Withings Activité Pop ) නිවේදනය වී තිබෙනවා. මෙම fitness tracker උපාංගය සදහා PVD-coated metal, pedestrian glass, silicone strap භාවිතාවෙන් නිර්මානය වන අතර 30 meters (98 feet) දක්වා ජල රෝධයට සූදානම් මෙන්ම එක් බැටරි භාවිතාවක් මාස 8ක ආයුකාලයක් ලබන උපාංගයක් ලෙසට නිවේදනය වනවා. දෛනිකව වන ඔබගේ steps ප්‍රමානය කියවා දෙන්නට , sleeping time ගනනය කර දෙන්නට මෙන්ම vibration ඔස්සේ ඔබව අවදිකරවන්නට වැනි සහයන් සමග පැමිනෙන අතර iOS හා Android වලට සහය දක්වන app නිකුතුවකින්ද එය සමන්විත බවටයි පැහැදිලි කෙරෙන්නේ. Bright Azure, Shark Gray, Wild Sand වර්ණ වලින් පැමිනෙන මෙම නිකුතුව $150 මිලැතිව වනු ඇති බවට තොරතුරු හෙලි වනවා