Microsoft ආයතනය තම Windows 10 සදහා සතියක් තුලදී පැමිනෙන දෙවන යාවත්කාලීනයද නිකුත්වන ලද බවට වාර්ථා වනවා. මින් පෙර යාවත්කාලීනය BSOD( Blue Screen of Death) සදහා වූවක් වන අතර මෙවර යාවත්කාලීනය Internet Explorer හි Flash player සදහා වන බවටයි වාර්ථා වන්නේ. KB3018943 ලෙසට නම්වන මෙම යාවත්කාලීනය 8.5 MB සැහැල්ලු ප්‍රමානයේ එකක වන අතර Windows update ඔස්සේ ලබා ගන්නට හැකි වනු ඇති බවටයි දැක්වෙන්නේ. Microsoft ආයතනය තම Windows 10 සමග අත්හදා බැලීමේ මට්ටමේ සහභාගී වන්නන් ප්‍රමානය මිලියන 10කට අධික බවට පවසා තිබුනු අතර ඔවුන් සදහා Slow හා Fast ලෙසට තමන් වෙතට එන Windows සංස්කරන තොරා ගැනීමේ හැකියාවක් ඇති අතර ඉන් ‘fast’ release cadence මට්ටමේ ප්‍රමානය සමස්තයෙන් සියයට දහයක් වන බවටයි හෙලිකර සිටින්නේ. මෙම කොටස වෙතට වඩාත් අලුත් අංගයන් සහිත නවතම සංස්කරනය පැමිනෙන අතර එය ගැටලු සහිත වීමේ වැඩි අනතුර සදහා මුහුන දීමට එකගව භාවිතයට ගැනීමට සිදුවනු ලබනවා. එසේම තවමත් Microsoft ආයතනය සාමාන්‍ය භාවිතාකරන්නන් වෙතට Windows 10 පෙර සංස්කරනයක් නිකුත්කර නොමැති අතර එය එලබෙන වසරේදී පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.එසේම ආයතනය උපදෙස් දෙන්නේ මෙම පෙර සංස්කරන තම ප්‍රධාන පරිගණකය වෙතට ස්ථාපනයෙන් වැලකී සිටීම වැදගත් වන්නේ මෙම සංස්කරන තවමත් stable තත්වයේ නොමැති වීම නිසාය.