CCleaner යනු නොමිළේ භාවිතාකල හැකි system optimization හා privacy හා cleaning tool එකක් ලෙසට සැලකේ.මෙහෙයුම් පද්ධතියේ වන අනවශ්‍ය ගොනු ඉවත් කරමින්, registry ගැටලු සමනය කරමින් වැඩි වේගවත් මෙහෙයුම් පද්ධති ක්‍රියාකාරීත්වයක් Windows වෙතට ගෙනෙන්නට එය කටයුතු කරන බවටයි පිලිගැනෙන්නේ. කෙටිකලකදී එම කාරනය ඉ‍ටුකරදීම මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන අතර එහි මෙම නව සංස්කරනය සමග browsers වල ඉතිරිවන තොරතුරු ස්වංක්‍රීයව ඉවත්කර දමමින් වඩත් පහසු වෙබ් සැරියකට පහසුවක් වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මෙම මෘදුකාංගයේ automatic monitoring සංක්‍රියව තැබූ විට මෘදුකාංගය පසුබිමින් ක්‍රියාත්මක වෙමින් සිට ස්වංක්‍රීයව තම කාරනා ඉ‍ටුකර දෙන්නට කටයුතු කරනු ඇති බවටයි එහි නිර්මාපකයින් පවසන්නේ. පහත දැක්වෙන සබදතාවය ඔස්සේ ඔබට මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.piriform.com/ccleaner/builds