භාවිතාකරන්නන් අතර වඩාත් තෘප්තිමත් මෙහෙයුම් පද්ධතිය ලෙසට නම් වන්නට windows 10 සමත් වෙමින් ඇති බවටයි නවතම හැදෑරුම් වාර්ථා පැහැදිලි කරන්නේ. ඇමරිකානු භවිතාකරන්නන් 1000 ක් ඇසුරින් කරන ලද මෙම මත විමසුමට අනූව windows 8 වෙතට 28%-27% වන විට windows 7 වෙතට 30% ලෙසට සටහන් වූ අතර windows 10 වෙතට 60% ක ආසන්න උපරිමයක් සටහන් වුනු බවටයි වාර්ථා වූවේ. එසේම එම මත විමසුම තුලදී මෙම මෙහෙයුම් පද්ධති වෙතට  “favorable” , “very favorable” ,”unfavorably” ලෙසටත්.කාන්ඩ ගත කරන්නට අවස්ථාවක් ලබා දුන් අතර windows 10 වෙතට අසතු‍ටුදායක මට්ටමේ පෙරථිචාරයක් ලබා දුන් සංක්‍යාව 10% තරම් ඉතා අඩු ප්‍රමානයක් ගත් බවටයි සටහන් වන්නේ. මීට අමතරව windows 10 වෙතට පැමිනෙන්නට භාවිතාකරන්නන් වෙතට windows 7,8,8.1 ඔස්සේ ආරාධනා ලබන්නට පෙරම වැඩි පිරිසක් උනන්දුවක් දක්වා ඇති බවට හෙලිවන අතර මෙහෙයුම් පද්ධතිය නිෂ්පාදකයින් වෙතට නිකුත්වීමේ සිටම මෙම උනන්දුව ඉහල මට්ටමකට ගෙන එන්නට Microsoft ආයතනය සමත්ව ඇති බවටත් හෙලි වූවා.
මීට පෙර සමජජාල ආශ්‍රිතව හදාරන්නන්ද පෙන්වා දී තිබුනේ ඔවුන්ගේ හැදෑරුම් වාර්ථාවලට අනූවද windows 10 වෙතට භාවිතාකරන්නන් අතරවන කැමැත්ත අවධානය ධනාත්මක මට්ටමක වන බවටයි.