හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 8.00 භාවිතාව 3% ක් තරමේ සුලු අගයක පවතින බවකි.  කෙසේ වෙතත් Microsoft සමාගම පවසන්නේ තමන් නිල ලෙසට windows 8 වෙහට සහය දක්වන කාලය අද දිනෙන් අවසන් වනු ඇති බවකි. සාමන්‍යයෙන් තම මෙහෙයුම් පද්ධතියක් වෙතට වසර දහයක සහය කාලයක් දැක්වීම Microsoft සම්ප්‍රධාය වූවද Winsows 8 සදහා එම කාලය මාස 24කට සීමා වන්නේ windows 8.1 සමග එහි හඳූගෙන තිබූ දුර්වලතා සමනය කරන්නට හා නව අංගයන් හදුන්වා දෙන්නට කටයුතු කල නිස බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ලැබෙන උපදෙස් වන්නේ windows 8 වල  RTM version  භාවිතාකරන්නන් හටද Windows Store වෙතින් windows 8.1 වෙතට පිවිසීමෙන් තම සුරක්ශිත මෙහෙයුම් පද්ධතියක භාවිතාව ඉශිරියට ගෙනටන්නට හැකි වන බවයි. දැනට වන සැලසුම් වලට අනූව Microsoft වෙතින් windows 8.1 සදහා සහය කාලය 2023දීද windows 10 සදහා සහය කාලය 2025 දීද අවසන් වන්නට නියමිතය.