සෑම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකටම වාගේ විටින් විට යාවත්කාලීන පැමිනීම සාමාන්‍ය කාරනාවකි. බොහෝ විට මේවා ඒ වන විටත් හඳුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත් කරන පිලිසකරයන් වන අතර විටින් විට අදාල මෙහෙයුම් පද්ධතියේ තත්වය ඉහල නංවන යාවත්කාලීනයන්ද පැමිනේ. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීනයන් නිකුත් කරන්නේ ප්‍රමානාත්මක අත්හදා බැලීම් වලින් අනතුරුව වන අතර ඉඳ හිටක ගැටළු ඇති වීමද සිදු නොවනවාම නොවේ. Windows වැනි පරිසරයකදී තත්වය සංකීර්න වන්නේ බහුල භාවිතාව සමග විශාල වපසරියක ස්වභාවයන් ඇති පරිගණක සදහා මෙම යාවත්කාලීන ඉලක්ක වන විට හමුවිය හැකි නෙක ආකාරයේ ගැටළු වලද වපසරියද විශාල බැවිනි. පහත දැක්වෙන්නේ යම් මොහොතක ඔබ ස්ථාපනය කරන ලද යාවත්කාලීනයක් ගැටළු සහගත වෙමින් ඇති බවට හැගෙන විට ඒවා අස්ථාපනය කිරීම සදහා ගත යුතු windows 10 මෙන්ම windows 11 වලදී ගත හැකි සරල ක්‍රියාදාමයයි.
Windows Update > Update History > Related settings > Uninstall updates > මෙම පියවරින් පසුව හමුවන්නේ යාවත්කාලීන සදහා වන Control Panelය වන අතර අවශ්‍ය යාවත්කාලීනය ‍තෝරා එය අස්ථාපනය සදහා ඔබට පියවර ගන්නට හැකි වනු ඇත. සාර්ථක උත්සාහයකින් පසුව අස්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය progress bar එකක් ඔස්සේ ඕබට දක්නට ලැබෙනු ඇත.
අත්වැරදීමකින් යම් යාවත්කාලීනයක් අස්ථාපනය වූ විටකදී Check for updates > Windows Update ඔස්සේ ඒවා නැවත ස්ථාපනය කරගන්නට මෙහෙයුම් පද්ධතිය සහය වනු ඇත.
Pubudu Siriwansa