Wi-Fi 7 පැමිනෙන්නට සූදානම් වෙමින් ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. ඔවුන් පවසන්නේ Wi-Fi 7 හැකියාව 2024 වන විට iPhones වලට සංයුත්තව පැමිනෙනු ඇති බවයි. Wi-Fi Allianc පවසන්නේ Wi-Fi 7 (802.11be) සමග ඉහල දත්ත හුවමාරු හැකියාවක් සමග පහල latency යක් වනු ඇති බවයි. අවම ලෙසට 30Gbps හැකියාවක් සමග වන එය AR/VR, 4K / 8K video streaming, automotive, cloud computing, gaming, video applications ඇතුලු industrial applications සදහා මනා සූදානමක් ‍රැගෙන ව්නු ඇති බවට පැහැදිලි කෙරෙනවා.එමෙන්ම Multi-Link Operation technology වැනි තාක්ෂණයන් ඔස්සේ Latency අගය පහලින් තබා ගන්නට මෙන්ම භාවිතාවේ අවශ්‍යතාවය අනූව නෙක පරාසයන්ට අනුගත වන්නටත් සූදානම් Wi-Fi 7 සදහා අවසන් specification තවම නිල ලෙසට ප්‍රකාශයට පත්කර නැති මුත් මෙම වසර අවසාන වන විට එය නිවේදනය වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා.
Pubudu Siriwansa