Meta නිවේදනය කරන්නේ WhatsApp වලට නව security features කිහිපයක් පැමිනෙන්නට සූදානම් බවයි. ඒවා අතර Account Protect, Device Verification මෙන්ම Automatic Security Codes නම් අංගයන් වන බවට පැහැදිලි කෙරෙනවා. මේව අසමග දැනටමත් එහි වන two-step verification, end-to-end encrypted backups, encrypted messaging වැනි අංගයන් සමග වඩත් ආරක්ශිත භාවිතාවක් ගෙනෙන්නට එය සමත්වනු ඇති බවටයි සහතික වන්නේ. වැඩි තුරටත් විස්තර කෙරෙන්නේ Account Protect ඔස්සේ ඔබගේ නව උපාංගයක් සමග භාවිතාවට පැමිනීමේදී පැරණි උපාංගය ඔස්සේ තහවුරුවක් ලබා ගැනීමත්, Device Verification ඔස්සේ ව්‍යාජ WhatsApp clients ඔස්සේ ඔබගේ authentication keys පැහැර ගැනීම වලකා ගැනීමත්, Automatic Security Codes ඔස්සේ ස්වංක්‍රීයවම ඔබ සම්බඳ වී සිටින්නා සමග සම්බඳය secure connection එකක් බව තහවුරු කර ගැනීමත් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැවසෙන්නේ මෙම අංගයන් ස්වක්‍රීයවම භාවිතාකරන්නන් වෙතට ඉදිරි මාස කිහිපයතුල සිදුවෙනු ඇති බවයි.
Pubudu Siriwansa