Microsoft වල නවතම මාසික යාවත්කාලීනයෙන් පසුව භාවිතාකරන්නන් අතරින් ගැටළු කිහිපයක් ගැන වාර්ථා වෙමින් ඇති බවට ටොරතුරු පලවෙමින් තිබෙනවා. නවතම යාවත්කාලීනය සමග Windows 10, Windows 11 වෙතට security fixes කිහිපයක් සමග Moment 2 feature update වෙතට පිවිසීමක් සිදුවූ අතර ඉන් පසුව NVMe SSD වල වේගයේ අඩුවක් මෙන්ම Local Security Authority (LSA) වල ගැටළුවක් ලෙසට කරුනු වාර්ථාවීමක් සිදුවෙමින් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. දෙවන ගැටළුව බොහෝ දුරට Defender update එකකින් පසුව අත්විඳිමින් තිබෙන්නක් ලෙසටද පැහැදිලි කෙරෙමින් ඇති අතර පරිගණකයේ TPM 2.0 වල සංක්‍රියතත්වයක් යටතේ වුවත් එය අක්‍රිය හෝ “Standard hardware security not supported” වැනි තත්වයක් ලෙසට පරිගණකයට හැගෙන මට්ටමක පවතින බවටයි විස්තර කෙරෙන්නේ.
Pubudu Siriuwansa