පසුගියදා Twitter engineer වරයෙකු පවසා සිටියේ තමන් තම WhatsApp වලින් අනවසර microphone භාවිතාවක් හඳුනාගත් බවකි. Meta හිමිත්වය දරන WhatsApp යනු ඉතා ආරක්ශිත භාවිතාවක් සහතික කරන සේවාවක් ලෙසට ගැනෙන අතර මෙම චෝදනාව වෙතට පිලිතුරු දෙමින් Meta පවසන්නේ එය Android bug එකක් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Privacy Dashboard වල සිදුවන අතපසුවීමක ප්‍රතිඵලයක් බවයි. එසේම ඔවුන් නැවත වරක් සහතික වෙන්නේ WhatsApp විසින් mic භාවිතාකරන්නේ call, recording (voice note), video යන අවස්ථාවලදී පමනක් බවයි. මේ අතර හදාරන්නන් පවසන්නේ මෙම ආකාරයේ අනවසර සංක්‍රියවීම් ගැන මිට පෙරද අවස්ථා කිහිපයකදී භවිතාකරන්නන් විසින් චෝදනා කිරීම් සිදුවූ බවයි.
Pubudu Siriwansa