Musk පවසන්නේ නුදුරේදීම Twitter වෙතට voice / video chat පහසුකම එන්නට නියමිත බවකි. එසේම Direct Messages සදහා encrypted DMs 1.0 නිකුතුව නිකුත් වෙමින් තිබෙන බවකි. එපමනක් නොව නිකුත්වන emoji picker එකක් සමග භාවිතාකරන්නා හට වඩාත් විසිතුරු සංනිවේදනයකට අවස්ථාව ලැබෙන බවට හගවමින් සිටිනවා. කාලයක් බලාසිටි encrypted DMs හැකියාව භාවිතා කරන්නන්ගේ මහත් අවධානයට ලක්වෙනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තුවෙමින් සිටින්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ WhatsApp, Instagram, iMessage වල ආකාරයට භාවිතාකරන්නා හට තම පිලිතුරු හැකියාව ලැබෙනු ඇති බවයි. එසේම දින කිහිපයකට පෙර Musk පවසා සිටියේ වසර කිහිපයක් තිස්සේ අක්‍රියව ඇති ගිණුම් වසා දමන්නට ද Twitter සැලසුම් කරමින් සිටින බවයි.
Pubudu Siriwansa