ආරක්ශිත වෙබ් සැරියකට VPN පැහැදිලි පදහමක් ගෙනෙන බව හදාරන්නන් පවසයි. ඔවුන් පැහැදිලි කරන්නේ අනවශ්‍ය ලෙසට ඔබ වෙතට එන online ආකාරයේ access එය වලකන බවයි. නැතිනම් ඔබගේ device එකේ අනන්‍යතාවය එය සගවන්නට හා සැබෑ අනන්‍යතාය හඳුනා ගැනීම ඔස්සේ පහර දෙන්නේකුට ඔබගේ උපාංගය වෙතට පිවිසෙන්නට අවස්ථාව එය නැති කරන බව එම පැහැදිලි කිරීමයි. බොහොමයක් VPN services වලින් ලබා දෙන free trials ඔස්සේ ඔබට වඩාත් අදාල වන YPN එක තොරා ගැනීම සුදුසු වනු ඇත. අද වන විට ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතනයන් පවා තම මෙහෙයුම් පද්ධතිවලට සංයුත්තව VPN එවන්නට කටයුතු කරමින් සිටීම භාවිතාකරන්නන් හට මහත් පහසුවක් ගෙනෙනු ඇත. Free VPN ඕග හැරීම වැදගත් බවත් හදාරන්නන් පවසන්නේ එම සේවාවන් පවත්වාගෙන යාම සදහා නම් ඔවුනට ඔබගේ තොරතුරු සමග යමක් කරන්නට සිදුවනවා නිසා විය යුතුය.
හදාරන්නන් ඔබට වඩාත් යෝග්‍ය VPN එකක් තොරා ගැනීමේදී සලකා බලන්නට සාධක කිහිපයක් යෝජනා කරයි. ඒවා අතර එම VPN සේවාව සහය දක්වන device ප්‍රමානය වැදගත් වන්නේ අද වන විට එක භාවිතාකටන්නෙකු වටා බොහෝ විට එක උපාංගයකට වඩා වන නිසා මෙන්ම නිවසක එක් උපාංගයකයට වඩා භාවිතාවීම සාමාන්‍ය කාරනාවක් නිසාය. Speed එක වැදගත් වන්නේ ඔබ සහ ඔබගේ Online ගනුදෙනුව කරන සැබෑ server එක අතරට පැමිනෙන නැතිනම් ඔබ ඒසදහා තොරා ගන්නා VPN සර්වවරය යන තාක්ෂණික සාධකයන් මෙහිදී බලපාන නිසා වෙනි. බොහෝ විට අද වන විට ඔබගේ VPN සේවාව ඔබට වඩාත් සුදුසු සර්වය තොරා දෙන්නට හෝ ඔබට ‍තෝරා ගන්නට ඉඩ දෙනු ඇත. හදාරන්නන් පැහැදිලි කරන්නේ VPN Location එක වැදගත් වන්නේ එය පිහිටි රටේ නීතින් වලට එය යටත් නිසා වෙනි. ඔවුන් බොහෝ විට Switzerland, Panama, British Virgin Islands වැනි තේරීම් යෝජනා කරන්නේ ඒ නිසා විය යුතුය.
Pubudu Siriwansa