Microsoft ආයතනය තම Windows 11 21H2 භාවිතාවන් සදහා Windows 11 22H2 සංස්කරණය forced rollout එකක් ලෙසට නිකුත්කිරීම ආරම්භ කර ඇති බවට වාර්ථා වෙනවා. Windows 11 21H2 සංස්කරනය සදහා end-of-support (EOS) වීමක් මේ වන විටත් October 10, 2023 දිනට නියමිතව තිබෙනවා. සාමාන්‍ය යෙන් මෙම EOS වලින් පසුව latest updates, security updates improvements සහිත යාවත්කාලීන නොලැබිම සිදුවේ. ආයතනය පවසන්නේ සුදුසුකම් ඇති windows 11 පරිගණක සදහා මෙම Windows 11 22H2 පැමිනීම Windows Update ඔස්සේ සිදුවන්නට නියමිත බවයි. ආයතනය පවසන්නේ මෙම උස්තල ගැන්වීම automatic updates ඔස්සේ සිදුවීම ක්‍රමයෙන් වන්නට නියමිත වුවද අවශ්‍ය අයෙකුට Windows Update settings වලට පිවිස Check for updates වලට ගොස් Download and install ඔස්සේද ලබා ගන්නට හැකි වනු ඇති බවයි.
Pubudu Siriwansa