තොරතුරු ලෝකයේ වන සාමාන්‍ය අහිතකර දෑ අතරින් ඉහලින්ම සඳහන් වන්නේ අනවශ්‍ය ඊමේල හා ව්‍යාජ ගිනුම් ලෙසට සැලකිය හැක. භාවිතාකරන්නන්ගේ විස්වාසය ගිලිහීමේ සිට අන්තර්ජාලය අනවශ්‍ය ලෙසට තදබදය නිර්මානය කිරීම මූලික බොහෝ කාරනා නිසා මෙවා අහිතකරයන් ලෙසට ගැනේ. Twitter වෙතින් පැමිනෙන නවතම පුවතක් පැහැදිලි කරන්නේ නව භාවිතාකරන්නෙකු Twitter වල ගිනුමක් අරබන්නට කටයුතු කිරීමේදී එම නව ගිනුම අරබන්නට බලාපොරොත්තුවන්නාගේ දුරකථන අංකයක් ලබා දීම ඉදිරියේදී අනිවාර්ය වනු ඇති බවයි. දැනට භාවිතාකරන්නන් හටද කැමතිනම් තම දුරකථන අංකය ලබා දිය හැකි අතර මේ ඔස්සේ ඔවුනට two factor authentication හැකියාවද ලබා ගන්නට හැකි වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ මෙම තත්වය human rights activists, political detractors වැනි අවස්ථාවලදී ගැටලුකාරී විය හැකි බව වන අතර සයිබර් අපරාධකරුවන් වැනි අවස්ථාවල්දී මෙය ධනාත්මක පියවරක් ලෙසට තමන් දකින බවකි.