Twitter තොරතුරු භාවිතාව අතර තාරකාවකව තිබූ යුගයක් විය. නිළ / නොනිළ බව ගැන කිසිදු අවධානයකින් තොරව ලොව නෙක ප්‍රමුක චරිත තම කෙටි දැනුම් දිම් සදහා එය භාවිතාකරන මෙන්ම තොරතුරු ලබන ආයතනික මට්ටමේ සිට පුද්ගල මට්ටම දක්වාම ඒවාට අහුම් කන් දෙන යුගයක් විය එය. කෙසේ මුත් එම සේවාවද ක්‍රමයෙන් අර්බුධයට පත්ව හමාරය. ක්‍රමයෙන් පැමිනි නෙක විකල්ප මෙන්ම ආයතනික ලෙසට ඔවුන්ගේ ප්‍රමුකතාවයේ අවධානය ගිලිහීම වේගයෙන් සිදු විය. ගෙනෙන ලද විසඳුම් අතර අයිතිය වෙනස් වීමේ සිට තම සේවාව සදහා ගාස්තු අයකිරීම විය. වඩාත් කැපී පෙනෙන කාරනයක් වූවේ එම තීර්ණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම මෙන්ම ඒවා වෙනස් කිරීම නිතැතින් සිදුවෙමීම හා ඒවායේ මනා ස්ථාවර බවක් නොවිමය. අලුම පුවතක් පවසන්නේ Twitte විසින් businesses / government groups සදහා API භාවිතාවට පනවා තිබූ විශාල අයකිරීම් emergency alerts මට්ටමේදී අත්හැර දමන්නට තීරනය කිරීමය. ඔවුන් තම තීර්නය පැහැදිලි කරන්නේ රාජ්‍ය මෙන්ම පොදුවේවා කන්ඩායම් විසින් weather alerts, transport updates, emergency notifications වැනි ආකාර වල Twitter සදහා පනවා තිබූ අයකිරීම් අවසන් කර දමන්නට තමන් තීර්නය කර ඇති බවකි. මීට පෙර ඔවුන් තම Twitter Blue subscription සදහා පනවා තිබූ අයකිරීම් පිලිබඳව තීර්නයද යම් ප්‍රමානයකට වෙනස් කරන්නට කටයුතු කර තිබිනි.
Pubudu Siriwansa