Google වල Chrome නම් web browserය භාවිතාකරන ඔබ භාවිතාකරමින් සිටින URL එකට පෙර සටහන් වන “lock” icon ය වෙනස් කරන්නට Google කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම safe බව හැගවෙන සංඥාව ඔස්සේ භාවිතාකරන්නන් එම වෙබ් අඩවිය check out මට්ටමේ සුරක්ෂිත බවක් එහි වෙතැයි වැරදි නිගමනයකට පිවිසෙන බවක් ප්‍රකට වෙමින් ඇති නිසා බවයි. සැබෑ වටම මෙම සංඥාවෙන් කියවෙන්නේ network connection එක එනම් බ්‍රවුසරයේ සිට වෙබ් අඩවිය දක්ව සුරක්ෂිත වීමක් ඇති බව පමනකි. නැතිනම් බ්‍රවුසරය හා වෙබ් අඩවියේ ස්ථාපිතය අතර සම්බඳතාවයට තෙවන පාර්ශවයකට එබී බලන්නට නොහැකි බව පමනකි. සැබවින්ම මේ බව “HTTPS” වලින්ද කියවේ. අද වන විට HTTPS බව සාමාන්‍ය භාවිතාවක් ව ඇති නිසා මෙම අමතර සංඥාව එතරම් ඵලදායි නොවන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේ මුත් මෙම සලකුන ඔස්සේ අදාල වෙබ් අඩවියේ හානිකර බවක් ගෙනෙන සංයුත්තයන් නැති බවට කිසිසේත්ම තහවුරක් නොවන නිසා පැමිනෙන්නට නියමිත නව tune icon එක ඔස්සේ වැඩි දුර තොරතුරු පැහැදිලි කිරීමක් සංයුත්ත කරන්නට එම ආයතනය කටයුතු කරමින් සිටිනවා. මෙම නව සංඥාව දැනට Chrome Canary channel වලට සංයුත්ත කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa