2014 සැලකීමේදී 4K හා curved තිර කෙරෙහි නිෂ්පාදකයින්ගේ වැඩි අවධානය ලබා දුන් වසරක් වුවාය. Toshiba වෙති 4K Laptop යන්ත්‍රයක්ද, LG වෙතින් 4K curved TV පැමිනීමක් මෙන්ම Samsung වෙතින් 4K curved PC monitor නිකුතුවක්ද පැමිනීමේ මේවා අතරින් කැපී පෙනිනි. 2015දී Samsung වෙතින් නම්‍ය ( foldable display) තිර සහිත දුරකථනයක පැමිනීමේ පොරොන්දුවක්ද ඒ අතර පලවිය. Toshiba පවසන්නේ තමන් ත්‍රිමානීය තිර(3D displays) කෙරෙහි අවධනය යොමුකර ඇති බැවිනි. ප්වුන් පවසන්නේ අපහසුකාරී glasses භාවිතාවකින් තොරව 3D අත්දැකීමක් ගෙනෙන නිකුතුවක් සදහා තමන් කටයුතු කරමින් සිටින බවකි. මෙම Glasses සහිත ත්‍රිමාන අත්දැකීම බොහෝ දෙනෙකුට eyestrain හා headaches වැනි අපහසුතාවයන් ගෙනෙන බව සුලබ අත්දැකීමකි. ඔවුන් තමන් සංවර්ධනය කරමින් සිටින තාක්ශනය “liquid crystal GRIN lens” ලෙසට නම් කරන අතර අඟල් 15 , 3840 – 2160 pixel display ලෙසට වන මෙම නිකුතුව Las Vegas වලදී පැවැත්වීමට නියමිත CES වලදී පලමුවෙන් නිවේදනයට නියමිත බවටයි තොරතුරු හෙලි වන්නේ. වැඩි දුරටත් කියවෙන්නේ ඔවුන් 2D/3D හුවමාරු හැකියාවැති මෙම දියුනු කිරීම් ඔස්සේ 3D හා ultra high definition 2D හැකියාවැති මොබයිල් display දෙසට තම දියුනු කිරීම් සිදු කෙරෙමින් සිටින බවකි.