චීනය මේ වන විට IP මට්ටමින් Gmail භාවිතාව එරටින් වලක්වා ඇති බවටයි වාර්ථා වන්නේ. චීනයට Internet censorship නව අත්දැකීමක් නොවන අතර මීට ප්‍රථමවද Gmail ඇතුලු Google’s services වන YouTube හා Google search engine භවිතාවක වලක්වන්නට කටයුතු කර තිබුනේ ප්‍රකට Tiananmen Square Massacre සැමරුමකට ආසන්නයේදීය. එනමුත් එම වාර්ථා පවසන්නේ ප්‍රථම වතාවට සමස්ථ චීනයේම Google හි email සේවාව වලකන්නට මේ වන විට කටයුතු කර ඇති බවකි. Gmail හා සම්බන්දිත අනෙකුත් IP addresses පවා වලකන්නට මෙවර කටයුතු කර ඇති බවටයි එම වාර්ථා වැඩි දුරටත් විස්තර කෙරෙන්නේ. මෙම වසර ආරම්භයේදී ප්‍රකට Instagram සේවාව වෙතටද මෙවැනි තහනමක් ගෙනෙන්නට එරට රජය කටයුතු කල අතර Microsoft සමාගමේ කාර්යාල වෙතටද කිහිප විටක් ඇතුලුව තොරතුරු විමසීම්ද කරන්නට කටයුතු කරන ලදී. එරට වැසියන් තම Gmail සමග කටයුතු කිරීම සදහා proxy හෝ VPN වැනි විකල්ප ක්‍රමවේද වෙතට නැබුරුවීම තම වැදගත් Email අහිමිවීමේ අනතුර නිසාම වැලකී ඇති බවටයි විස්තර කෙරෙන්නේ.