Meta පවසන්නේ තම Facebook සහ Instagram වලදී teenagers ලා සදහා නව privacy settings හඳුන්වා දෙන්නට කටයුතු කල බවයි. ඔවුන් පවසන්නේ සැකකටයුතු වැඩිහිටියෙකු වෙතින් දරුවෙකු වෙත messaging හැකියාව පාලනය කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. විශේෂයෙන් වැඩිහිටි ගිණුම් අතරින් blocked හෝ reported ඒවා වෙතට එවන් උත්සාහයක් වලකන්නට තමන් කටයුතු කරන බව පවසනවා. එසේම “People You May Know” ඔස්සේ එවන් ගිණුම් දරුවන් වෙතට නිරාවරනය නොකරන්නට තමන් කටයුතු කටයුතු කරන බවයි Meta පවසන්නේ.එසේම වයස 16 හෝ සමහර රටවලට අනූව 18 අඩු දරුවන් සදහා “more private settings” අංගය default මට්ටමින් වන බවටත් එම ආයතනය පැහැදිලි කර සිටිනවා. Meta වැඩි දුරටත් පවසන්නේ දරුවන් අවභාවිතාවීම වැලැක්වීම සදහා පියවරයන් කිහිපයක්ම ගෙනෙනට මෙන්ම එසේ හානිකරන්නන් පිලිබඳව දත්තගබඩා ඔස්සේ හොඳින් නිර්රික්ෂනය වීමේ යාත්‍රනයක් පිලිබන්දව කටයුතු කරමින් සිටින බවටත් පැහැදිලි කරනවා.
Pubudu Siriwansa