Android හා iOS ලොව බහුලතම භාවිතාවන් දෙකකි. එසේ මුත් ආරම්භයේ සිටම මෙම අවකාශ දෙක නිරන්තරයෙන් වෙන්ව සිටීම භාවිතාකරන්නන් හට ගැටළුව වන්නේ එක් අවකාශයක් භාවිතකරමින් සිටි අනෙක් අවකාශයට මාරු වන්නට හෝ එක අවකාශයක් සමග පමනක් කටයුතු කරමින් සිටින අතර අනෙක් අවකාශය සමගද කටයුතු කරන්නට අවශ්‍ය විටකදී ඉතා අවම පහසුකම් වීමය. Google ආයතනය පවසන්නේ තම “Switch to Android” නම් app එක ඔස්සේ දැන් පහසුවෙන් iPhone වල සිට Android smartphone වෙතට තම පෞද්ගලික දත්ත හුවමාරු කරගන්නට හැකි වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Apple App Store. වලින් ලබා ගන්නා “Switch to Android” app එක දැන් වඩාත් යාවත්කාලීනව සහයට සූදානම් අතර Android 12 හා ඉහල මෙහෙයුම් පද්ධති සමග කියාත්මක වන ස්මාර්ට් දුරකථන සදහා සූදානම් බවකි. Gogle ආයතනය Google Pixel devices සදහා මෙම වසර මුලදී පලමුවෙන්ම මෙහි stable version එකක් නිකුත් කල අතර දැන් සියළුම Android smartphones (Android 12හෝ ඉහල සදහා) සූදානම්ව සිටින බවයි. iPhone භාවිතාකරන්නන් මෙම free app එක Apple App Store එකෙන් ලබා ගෙන ස්තාපනය අවසානයේ ලබා දෙන QR code එක සමග Android එකට යාවීමට සහය දෙන අතර ඒ ඔස්සේ photos, videos, contacts, calendar events ආදී තොරතුරු wireless ආකාරයට Android වෙතට ලබා ගන්නට හැකි වන අතර උපහෙස් දෙන්නේ වැඩි තොරතුරු හුවමාරුවක් සදහා නම් wired option වෙතට යාම වඩාත් සුදුසු බවයි.
Pubudu Siriwansa