Windows 8/8.1 හි පැමිනෙන Start Screenය වඩාත් customize කිරීමට අවස්ථාවක් ලැබීම ඔබ වඩාත් සතුටට පත්කරවන කාරනාවක් වනු ඇත. එය වඩාත් සිත්ගන්නා සුලු කරදෙන්නට මෙම Start Screen Unlimited 3.1.0.31 මෘදුකාංගය සමත්වන්නේ ඔබේ ස්ථාපිතව ඇති Windows 8,8.1 මෙහෙයුම් පද්ධතියේ system file කිසිදු ආකාරයකින් patching හෝ වෙනයම් අනතුරුදායක වෙනසකට ලක් නොකරම ඒ බව ඉ‍ටුකර දෙන්නට සමත්වීමය. මෙම මෘදුකාංගය ඔබගේ Start Screenය මතට favorite sports channel, interactive menus, Google search, digital නැතිනම් analog clock ඇතුලු බොහෝ දෑ ගෙන එන්නට සමත්වනු ඇත. මීට අමතරව ඔබ නිතරම භාවිතාකරන ක්‍රියාවන් සියල්ල එකම menuවකට ගොනු කර දීම, witch users, shut down, sleep mode ඇතුලු නිතර භාවිතාවන applications මෙන්ම නිතර භාවිතාවන documents ආදිය පහසුවෙන් විවෘත කර දෙන්නට සහය වීම ඇතුලු බොහෝ පහසුකම් වන බවටයි දැක්වෙන්නේ. නිෂ්පාදකයින් පවසන්නේ තවමත් මෙම මෘදුකාංගය Surface RT සදහා සහය නොදෙන මුත් සියලුම Tablet සමග Pc සදහා සහය දක්වනු ඇති බවය. පහත දැක්වෙන Link එක ඔස්සේ පිවිසීමෙන් ඔබට මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.greatis.net/unlimited_setup.zip