තොරතුරු තාක්ෂණ ලෝකය සොඳුරුය අපූරුය. එය මිනිසා විසින් මෙතෙක් අත්පත් කරගත් කීකරුතම මෙන්ම දක්ශතම සේවකයා වීම පිලිබදව කිසිදු ගැටලුවක් නැතිය. ගැටලුව ඇත්තේ එහි ස්වාමීය පිලිබදවය. ඔහුගේ අවිනීතකම, විනාශකාරී භාවය වෛරසයක් නැතිනම් වෙනත් ආකාරයක විනාශකාරී බවක් ‍රැගෙන තොරතුරු ලෝකය වෙතට පැමිනීම තොරතුරු තාක්ශනයේ මුල් ස්වභවයෙන් එන හානියක් ලෙසට සැලකිය නොහැක. ඒ පලමු තලයේ ගැටලුවය. දෙවන තලයේ ගැටලුවක්ද ඇත. එනම් තොරතුරු තාක්ශනය අනෙකුත් බොහෝ මිනිස් අත්පත් කර ගැනීම් ඉක්මවන වපසරියක අවකාශයක් මිනිසා වෙතට ගෙන විත් ඇත. මිනිසා පාලනය කරමින් සිටි කාලය හා දුර පිලිබදව යෝධ බාදකය එය සැහැල්ලු කර දමා ඇත. දෙවන ගැටලුව පැමිනෙන්නේ මෙතැනිනි. මිනිස් වර්ගයා තම විවිධ සංස්කෘතීන් නිර්මාණය කර ගැනීමේදී වසර දහස් ගනනක් තිස්සේ භාවිතාවූ සාපේක්ශ යථාර්තයක් එය දිය කර දමා ඇත. පැමිනෙන නව රටාව බොහෝ අයවලුන්ට ගැටලුවකි. අවබෝධකර ගත නොහැක්කක්ව එය දේශපාලනික, ආර්ථික, සංස්කෘතික ගැටලුවෙමින් ඔවුන් ඉදිරියේ භීතියක් මවමින් සිටී. ලොව පුරා අපමනක් එක්ව සමරන සාමයේ බිලිදාගේ පැමිනීම සංකේතවත් කරන මේ අසිරිමත් නත්තලේ පනිවිඬ සමග අසිරිමත් තොරතුරු තාක්ශනයේ අපූරුබව, කිකරුබව පිලිබදව පනිවිඬයද දසත පැතිරේවා ලෙසට ප්‍රාර්ථනා කරමු.