වේගවත් බව ඔබ පරිගණකය ඔස්සේ බලාපොරොත්තුවන ප්‍රධානතම පහසුවකි. SpeedyFox යනු දෛනික ජීවිතයේ වන ප්‍රධාන පරිගණක භාවිතාවන් කිහිපයක්ම වෙගවත්කර දෙන්නට නොමිළේ පැමිනෙන කුඩා utility එකක් ලෙසට හැදින්වේ. මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ධාවනය වෙමින් ඇති Firefox/Skype/Chrome/Opera/Thunderbird යන භාවිතාවන් සමග වන browsing Histories වලදී වන වේගය අඩුවීම, startup වලදී වන වේගය අඩුවීම වැනි අවස්ථා ඇතුලු බොහොමයක් සදහා සහයනයක් ගෙනෙන බවටයි විස්තර කෙරෙන්නේ. Windows මෙන්ම Mac OS මෙහෙයුම් පද්ධති සදහා සූදානම්ව පැමිනෙන මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන බැදියාව ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගන්නට හැකිවන අතර සතිකයකට වරක්වත් මෙම මෘදුකංගය සමග single click මෙහෙය වීමක් ඔස්සේ පෙරකී පහසූන් ලබා ගන්නට හැකිවනු ඇති බවටයි දැක්වෙන්නේ.

http://www.crystalidea.com/downloads/speedyfox.exe

http://www.crystalidea.com/downloads/speedyfox_mac.zip