ඇපල් ආයතනයේ “Spring Forward” පසුගියදා පවත්වත්වන්නට කටයුතු කරනු ලැබුවා. ගෙවීගිය වසරේ සිටම බොහෝ දෙනාගේ අවධානය ලබා සිටි Apple Watch පිලිබදව තොරතුරු එහි මිළ ගනන්ද ඇතුලුව ප්‍රකාශයට පත්වූ අතර Apple TV වල මිළ ඩොලර් 69 දක්වා පහතට ගෙන ඒම පෙර සංස්ක්‍රන හා සැසඳීමේදී 24%ක සිහින් නිමාවක් ගෙනෙන MacBook වල නව සංස්කරනය හඳුන්වා දීම මෙන්ම නව app හඳුන්වාදීමක්ද එහිදී පැහැදිලි කෙරුනා. Apple Watch සමග හුදු කාලය ප්‍රකාශ වීම හැරෙන විට iPhone සමග වඩාත් නම්‍යව කටයුතු කරන්නට හැකියාව එනම් පැමිනෙන ඇමතුමක් සදහා පිලිතුරු දීමේ හැකියාව ඇතුලු පනිවිඬ යැවීමේ හැකියාව, පහසුවෙන් නැවත බල ගැනිවීමේ හැකියාව, සෞක්‍ය තොරතුරු සමග කටයුතු කිරීමේදී නව app සමග භාවිතකරන්නා හට විවෘතවන නව අවස්ථා ආදී තොරතුරු ‍රැසක් එහිදී හෙලි Apple Watch සමග garage door විවෘතකිරීමක් සජීවිව ගෙනෙමින් උපාංගයේ හැකියා වපසරිය වඩාත් නව මංපෙත් ඔස්සේ දිග හැරෙමින් තිබෙන බවට අනාගත දැක්මක් පැහැදිලි කරන්නට ආයතනය සමත්වූවා. මිල ගනන් සැලකීමේදී භාවිතාකරන්නාගේ කැමැත්ත අනූව විශාල වපසරියක තේරීම් අවස්ථා දැක්වෙන අතර 38- හෝ 42 mm ලෙසට මුහුනතේ ප්‍රමානය අනූව $349 – $399 දක්වාද , Band එකෙහි නිමැවුම අනූව $549 හා $1,099 වැනි තොරා ගැනීමේ හැකියාවන් වන බවටයි තොරතුරු වැඩි දුරටත් පලවන්නේ. එක බල ගැන්වුමකින් පැය 18ක භාවිතකාලයක් පිලිබදව සඳහන් කරන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවා.
MacBook Air හා iPad Air උපාංග අතරට පැමිනෙන 12-inch MacBook පිලිබදවද තොරතුරු හෙලිවූ අතර එහි වන USB Type-C technology ඔස්සේ එක සබඳතාවයක් ඔස්සේ charges, connects to HDMI හා USB සම්බන්ද වීමේ හැකියාව පැහැදිලි කිරීම සිත්ගත් අංගයක් වූවා. සියට 30ක බල පිරිමැසුමක් ‍රැගෙන එන Display((2304 x 1440- පික්සල) ව සමග වන මෙම උපාංගය සමග එක් බල ගැන්වුමකින් පැය10ක වීඩියෝවන් නැරබීමේ හැකියාව මෙන්ම පැය 9ක බ්‍රවුසර හැකියාවක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 8GB of RAM හා 256GB SSD සිට ඉහලට සමන්විතව පැමිනෙන මෙහි මිළ ගනන් $1,299 සිට ඉහලට බවට පැවසෙනවා.HBO සමගද සම්බන්දවන Apple TV වල මිළ ගනන් පහල දැමීමද මෙහිදී ප්‍රකාශ වනු ලැබුවා.