ඔබ Windows 10 භාවිතාකරන්නෙක් නම් ඉතා වැදගත් වන යවත්කාලීනයන් හතරක් මෙවර මාසික යාවත්කාලීන ගොනුව සමග වන බවට Microsoft ආයතනය නිවේදනය කර සිටිනවා. බහුලතම භාවිතයක් ඇති Internet Explorer, Flash Player, Malicious Software Removal Tool ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීන නිකුත්වන බවටයි ඔවුන් නිවේදනය කර සිටින්නේ. භාවිතාකරන්නන් අතර මීලග build නිකුතුවක් පිලිබදව වන බලාපොරොත්තුව සදහා තවමත් නිශ්චිත කාල වකවානු ආයතනය විසින් ප්‍රකාශයට පත්කර නොමැති වුවද වැඩි වේගයකින් ඉදිරි නිකුතූන් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා. භාවිතාකරන්නන් අතර Windows 10 සදහා වැඩි පිලිගැනීමක් ඇති වෙමින් තිබෙන වබට හදාරන්නන්ගේ වාර්තා පෙන්වා දෙමින් ඇති අතර ආයතනයේ වෙලඳ ඉලක්ක සාර්ථක වීමේදී Windows 10 කෙරෙහි දැඩි බලාපොරොත්තු ඇති වෙමින් තිබෙනවා.