ගෙවී ගිය රාත්‍රියේ SONY ආයතනයේ Sony Pictures කොටසේ පරිගණක පද්ධතිය hack වීමකට ගොදුව ඇති බවටයි වාර්ථා වූවේ. එම කොටසෙයි බලධරයන් වහාම අදාල සේවකයන් ආයතනයෙන් ඉවත්කරන්නට තීරනය කරන ලද්දේ වඩ වඩාත් තවත් පරිගණ එමප්‍රහාරයට ලක්වීම අවමකර ගැනීමේ අරමුනිනි.“#GOP” ලෙසින් නම් කරගත් කන්ඩායමක් මෙම hack ප්‍රහාරයේ වගකීම බාරගෙන ඉල්ලීම් කිහිපයක් ‍රැගත් imageයක් රදවා තබන්නට මෙන්ම අදාල සර්වරයන් මත රදවා ඇති sensitive company information වෙතට පිවිස ඇති අතර අදාල ඉදිරිපත්කර ඇති අවශ්‍යතා ඉ‍ටු නොකරන්නේ නම් පෙරකී සංවේධී මට්ටමේ තොරතුරු ප්‍රසිද්ධකරන බවට අනතුරුද අගවා තිබිනි. ඔවුන් ඉදිරිපත් කර ඇති කාල සීමාවන් මේ වන විට අවසන්ව ඇති මුත් තවමත් ප්‍රථිචාරයක් දක්නට නොලැබෙන අතර පැමිනෙන්නට නියමිත Sony movie තොරතුරු ඇතුලු බොහෝ දේ ප්‍රසිද්ධියට පත්වීමේ අනතුර පසුවට වුවද වලංගුව ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.