Sony Pictures වෙත මෑතකදී සිදුවූ තොරතුරු පැහැර ගැනීමට මාසකට පමන පෙර සිට ආසාධිත බවකට ගොදුරුව ඇති බවත් ඒවා සදහා නිසි පිලියම් නොයදීම හේතුකොට ගෙන #GOP වෙතට ගොදුරුවීම පහසුවෙන් සිදුව ඇති බවටත් හදාරන්නන් පැහැදිලි කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ ආයතනය තුල භාවිතාවෙමින් ඇති පරිගණක වෙතට ඉහලම මට්ටමක ආරක්ශක උපංක්‍රම යොදවන්නට එම ආයතනය කටයුතු කොට තිබුනද එහි පරිගණක පද්ධතිය වෙතට අලුතින් එක්වන උපාංග පිලිබදව නිසි ලෙසට ආරක්ශක උපංක්‍රම භාවිතාකරන්නට කටයුතුකර නොමැති බවයි. වැඩි දුරටත් පැවසෙන්නේ ආයතනයේ භාවිතාවන routers , web servers වෙතට නිසි ආරක්ශිත පියවරයන් ගෙනෙන්නට ඔවුන් අසමත්ව තිබීම පැහැදිලිව පෙනෙමින් ඇති බවකි. පසුගියදා එම ආයතනයේ ඉදිරියේදී නිකුත්වීමට නියමිත සිනමා පටවල පිටපත් අන්තර්ජාලයට නොනිල නිකුත්වීමක් වාර්ථා වූ අතර පසුව තවත් ඉශිරි සිනමා පටයක දෙබස් පිටපත් නිකුත් වීමක්ද වාර්ථා වෙනු ලැබුවා.