Google, Microsoft හා Adobe ආයතනයන් රුසියාව තුල වන තම කටයුතු ක්‍රමයෙන් ඉවත්කර ගන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථාවනවා. රුසියානු වැසියන්ගේ තොරතුරු රුසියාව තුලම වන සර්වරයන්ගේ ‍රැදවිය යුතු බවට ගෙන එන ලද තීර්නය 2016යේ සැප්තැම්බර වන විට ක්‍රියාත්මක වන්නට නියමිතව තිබුනද රුසියාව ගෙන ඇති නව තීර්නයකට අනූව එලබෙන ජනවාරියේ සිට එම තීර්නය ක්‍රියාත්මක කරන්නට සැලසුම් වීම මෙම හදිස්සි තීරනවලට බල පෑ ඇති බවටයි පැවසෙන්නේ. එරජ ජනාධිපතිවරයා පවසන්නේ Internet ක්‍රියාකාරීත්වය පි‍ටුපස CIA සංවිධානය පවතින බවත් එය තුල හුවමාරුවන සියලු දත්ත ඇමරිකානුවන් විසින් හැදෑරීමකට ලක්කරමින් සිටින බවකි.