#GOP ලෙසට නම් කරගන්නා ලද කන්ඩායමක් Sony Pictures වෙතට පහරදීමක් පිලිබදව තොරතුරු වාර්ථා වූ අතර ඔවුන් විසින් එම ආයතනයෙන් පැහැර ගන්නා ලද sensitive information මට්ටමේ තොරතුරු Web එක වෙතට මුදා නොහරින්න නම් ඔවුන් කරන ලද ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර දක්වන ලෙසට දන්වා තිබූ බවටයි වාර්ථා වූවේ. ගෙවී ගිය නිහඬ දින කිහිපයකට පසුව මේ වනවිට Fury, Mr. Turner, Still Allice, Annie වැනි Sony Pictures වල අනාගත නිකුතූන් Online ආකාරයට අධිසුපැහැදිලි පිටපත් ලෙසට දැක්වෙන්නට පටන් ගැනීමත් සමග යලිත් එම මාතෘකාව කථා බහට ලක්වන්නට පටන් ගනිමින් තිබෙනවා. infected server ඔස්සේ මෙම පහර දෙන්නන්ට ආයතනයේ අභ්‍යන්තර පරිගනක කිහිපයකට පිවිසෙන්නට හැකිවූවා සේම 100 terrabytes වැනි විශාල දත්ත ප්‍රමානයක් පැහැර ගන්නට හැකිවූ බවට පලවූ වාර්ථා සත්‍ය වෙමින් තීබෙන බවට මේ වන විට පැහැදිලි සැකයක් මතුවෙමින් තිබෙනවා. එම පහර දෙන්නන් පවසා සිටින්නේ තවදුරටත් වඩාත් සංවේධී මට්ටමේ තොරතුරු වන financial data, contract documents, password information , executive emails හා තවත් දෑ මුදා නොහරින්නට නම් තම ඉල්ලීම් වලට එකගවන ලෙසටයි.