ප්‍රකට මෝස්තර නිර්මාන කරුවෙකු වන Tommy Hilfiger එලබෙන නිවාඩු සමය වෙනුවෙන් කරන නිකුතුවෙහි solar panel jackets නිර්මානයක් ගැනද නිවේදනය කරන්නට කටයුතු කොට තිබෙනවා. සීමිත මට්ටමින් කරන්නට බලාපොරොත්තුවනමෙම නිකුතුවෙහිදී පිරිමි මෙන්ම කාන්තා jacket වන බවටයි පැහැදිලි කර සිටින්නේ. මෙම සෝලර් පැනලය නිර්මාණය කිරීමේදී water resistant, lightweight,හා flexible amorphous silicon තාක්ෂණය භාවිතා කොට ඇතිබවට පැහැදිලි කෙරෙනවා. මෙම ජැකෙට්‍ටුවේ ඉදිරිපස සක්කුවක වන 6000mAh බැටරියක මෙම බලය තැන්පත් වීම සිදුවන අතර එයට සම්බන්දව පැමිනෙන usb ports දෙකක් ආධාරයෙන් විවිධා ආකාරයේ උපාංග නැවත බල ගැන්වුමට හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.අවශය විටකදී මෙම බැටරි සාමාන්‍ය ආකාරයට charge කිරීමටද හැකි වන අතර එසේම මෙම solar panelය ඉවත් කරන්නටද හැකිවන ලෙසට නිමවා ඇති බවට විස්තර කෙරෙනවා.ඩොරල් 555.99 කට Online ආකාරයට මෙන්ම Europe, North America, Latin America Asia යන ප්‍රදේශවල වෙලඳ පොල තුලින්ද ලබා ගන්නට හැකි වන බවටයි සඳහන් වන්නේ.

http://www.pvilion.com/solar-clothing/