“Sign In with Apple” අංගය සමහර විට දැනටමත් ඔබ පාවිච්චි කරනවා විය හැක. එම ආයතනය පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ ඔබගේ emailය අනවශ්‍ය ලෙස නිරාවරනය වීම වලක්වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ අන්තර්ජාලය මතදී third-party apps හා websites වෙතට sign in වීමට අවශ්‍ය වන විටදී pop-up එකක් ලෙසට පැමිනෙන මෙම තේරීම නිසා ඔබගේ සැබෑ ඊමේලය නිරාවරනය නොවී මෙම පහසුව ඔස්සේ sign in වීමට හැකිවන අතර ඒ ඔස්සේ අනවශ්‍ය ලෙසට ඔබගේ තොරතුරු බාහිර පාර්ශව වලට නිරාවරනය වීමේ අනතුර වැලකෙන බවයි. එසේම Apple අයතනය මේ ඔස්සේ ඔබගේ වෙබ් හැසිරීම track නොකරන බවටත් පවසනවා. මෙහිදී Face ID හෝ Touch ID ඔස්සේ two-factor authenticated ආකාරයට අදාල sign in වීමට ඉඩ සැලසෙන අතර දැනට දෑවසරක සිට මෙම භාවිතාව ක්‍රියාත්මක වන අතර මේ වන විට බහුල භාවිතාවක් එය ලබමින් ඇති බවයි. එසේම මෙම පහසුවට සහය දක්වන app හෝ website වලදී pop up එකක් ලෙසට පැමිනෙන අතර අවශ්‍ය ඔනෑම විටකදී මෙම පහසුව නවතාදමන්නටද පහසුවෙන් හැකිවන බවට ඔවුන් පවසනවා. මේ අංගය වෙතට පිවිසෙන්නට Settings > your name > Password & Security > Apps Using Your Apple ID හැකිවනු ඇති.
Pubudu Siriwansa