Paysafe ආයතනය United States හා United Kingdom වල වෙසෙන පුද්ගලයින් 2,000 අතරින් කල සමීක්ෂනයකින් හඳුනා ගෙන ඇත්තේ බොහෝ පිරිසක් cryptocurrencies වෙතට තම කැමැත්ත පල වෙන්නේ එය ආයෝජනයකට වඩා අනාගත මූලික භාවිතාව crypto වීමට වැඩි ඉඩක් තිබීම බවයි. crypto භාවිතාකරන්නන් අතරින් කල මෙම විමසුමේදී ඔවුන් පවසා ඇත්තේ ජාත්‍යන්තර භවිතාවේදී මෙම ප්‍රවනතාවය මුල්තැනට පත්වීමේ බලාපොරොත්තුව ඔවුන් අතර වන බවයි. මෙම පිරිස අතරින් 60% පවසා ඇත්තේ online retailers වල මෙම මුදල් භාවිතාව නුදුරේදීම බලාපොරොත්තු වන බව වන අතර 47% පවසා ඇත්තේ නුදුරේදීම physical stores වලදීද cryptocurrencies භාවිතය බලාපොරොත්තු වන බවයි. ඉන් 49%ක ගේ බලාපොරොත්තුව වෙමින් ඇත්තේ සියල්ලෝම ඉදිරි වසර 5 වන විට cryptocurrency භාවිතාවට පෙලබෙනු ඇති බවයි. සහබාගි වූවන්ගේන් 70% පමන තම cryptocurrencies භාවිතාවේදී අවිනිශ්චිතතා වලට පත්ව ඇති අතර ඉන් 49% පමන සම්පූනයෙන් හෝ කොටසක් සාමාන්‍ය ව්‍යවහාර මුදල්වලට මාරු කරගන්නට කටයුතු කර ඇති බවයි.
Pubudu Siriwansa