දත්ත සබඳතාවය සමාජ මට්ටම්, වෘතීය මට්ටම් වල වෙනසක් නොමැතිව සියල්ලන්ගේම අවශ්‍යතායක් වෙමින් ඇත. එසේම අධ්‍යාපනික, වෘතීය මෙන්ම පෞද්ගලික මට්ටම් වල එකසේ වැදගත් භාවිතාවක් වෙමින් ඇත. ‍රැහැන් සහිත මෙන්ම ‍රැහැන් රහිත වැනි නෙක ආකාරගත් විසදුම් මේසදහා පැමින ඇත්තේ අවශ්‍යතාවයන්ගේ ස්වභාවයන් මත මෙන්ම නෙක ගැටලු වෙත විසඳුම් ලෙසටය. දුරබැහැර ප්‍රදේශ සදහා දත්ත සබඳතාව තවමත් සාර්ථකව නොවිසඳාගෙන ඇති ප්‍රශ්නයක්ව පවතින්නේ ලොවටමය. Starlink satellite broadband මේ සදහා අත්හදා බැලීමේ මට්ටමේ වූ එක් විසඳුමකි. සැටලයිට් ආශ්‍රිතව දත්ත හැකියාව භාවිතාකරන්නන් කරා ගෙන යාම මෙහිදී සිදුවේ. Starlink ආයතනය පවසන්නේ වසරකට ආසන කාලයක තිස්සේ වූ තම සේවාව සදහා වූ “beta” මට්ටමින් මිඳී ඉදිරියට යන්නට මේ වන විට තමන් සූදානම් බවයි. ඔවුන් පවසන්නේ මේ වන විට 400,000 පමන පෙර ඇනවුම් සමග අත්හදා බලන්නට එක්වූවන්ගේ සෑහෙන පමනක ධනාත්මක ප්‍රථිචාර තමන් වෙත ලැබී ඇති බවකි. ම්ව වන විට එම ආයතනය 2022-2023 කාලය ඉලක්ක කරගනිමින් තම සේවාව සාමන්‍ය සේවාවක් ලෙසට ලබා දෙන්නට සැලසුම්ව ඇති බවටයි පවසන්නේ.
Pubudu Siriwansa