මේ වන විට Apple වෙතින් watchOS 8 නිකුතුව සිදුව තිබෙනවා. Apple ආයතනය තම Apple Watch භාවිතා කරන්නන් සදහා කර ඇති නවතම නිකුතුව සමග Family Setup, AssistiveTouch, Multiple timers, Find Items, Find Devices, හා Contacts app වැනි අංගයන් මෙන්ම Music app, Photos app, Home app, හා Weather app වැනි දියුනු කිරීම් ද වනවා. එසේම Pilates හා Tai Chi වැනි මානසුඉක මෙන්ම කායික සමබරතාවයට සහය වන අංගද වනවා. එසේම gyroscope, accelerometer, heart rate, GPS වැනි තොරතුරු ඔස්සේ cycling workouts මෙන්ම Mindfulness app ඔස්සේ වඩාත් සෞක්‍ය සම්පන්න මානසික දිවියකට මගපෙන්වන්නද සූදානම්ව සිටිනවා.
Apple Watch භාවිතාකරන්නන් සදහා මෙම නව සංස්කරනයත් සමග ආරක්ෂිත Wallet පහසුකම මෙන්ම digital car keys පමනක් නොව නව සංස්කරනය සමග hotel නැතිනම් home keys ද වන අතර තම හැදුනුම් පත මෙන්ම රියදුරු බලපත්‍රයද Wallet වෙතට එකතු කරන්නට පහසුකම් සලසා දී තිබෙනවා. එසේම මේ නව සංස්කරනය සමග දියුනු කරන ලද Home app මෙන්ම Messages සමග වඩාත් පහසුකම් වනවා. Apple ආයතනය පවසන්නේ මෙම නව WatchOS 8 නිකුතුව Apple Watch Series 3 සිට ඉහලට ස්වයංක්‍රීය යාවත්කාලීනයක් ලෙසට පැමිනෙන්නට නියමිත බවයි.
Pubudu Siriwansa