ප්‍රකට Samsung ආයතනය තම virtual showroom එක වන Bespoke Studio ව නිවේදනය කර සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ user-centric showroom experience එකක් සදහා තම ඉදිරිපත්කිරීම හොඳින්ම සූදානම් බවයි. මෙම Bespoke Studio වලදී virtual tour එකක් සමග භාවිතාකරන්නා හට සාහකයෙකු සමග live assistant පහසුවද ලබා ගන්නට හැකි බවටයි පැහැදිලි කරන්නේ. එසේම එහි වන Configurator page වලදී තම තොරාගත් product සදහා customize හැකියාව ලැබෙන අතර තම සිතැගි අනූව වෙනස් කල නිශ්පාදන online අකාරයට මිළඳී ගන්නට හැකි වනවා. එසේම Community page වලදී අනෙකුන් සමග තම අදහස් උදහස් බෙදා හදා ගන්නට මෙන්ම එලබෙන්නට නියමිත social හා online events ගැන දැනගන්නට හැකිවනවා. Samsung ආයතනය දැනටමත් Gangnam, Korea වල තම Bespoke showroom වල 3D virtual tour පහසුකම සලසා ඇති අතර ඉදිරියේදී uk වල මෙන්ම US වල Bespoke Studio අත්දැකීම දියත්කරන්නට සූදානම් වෙමින් සිටින බව පවසනවා.
Pubudu Siriwansa