European Union පවසන්නේ ‘Right to be forgotten’ නෛතික භාවිතාව privacy දෙසින් සැලකීමේදී ජයංග්‍රහනයක් වන බව වුවත් වඩාත් සාධනීය ප්‍රථිපල සදහා එහි වැඩි වර්ධනීය බවක් පැමිනිය යුතු බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට ප්‍රථිපල තුලින් ඉවත් කිරීමක් කිරීමේදී ප්‍රාදේශීය මට්ටමට සීමා වීම ගැටලුකාරී බවයි. උදාහරනයක ලෙසින් ඉල්ලීමක් ඔස්සේ යමෙකුගේ තොරතුරක් google.co.uk වෙතින් ඉවත් කලද .com වැනි ප්‍රථිපල සෙවීමක් තුල තවම අඩංගුව තිබීම එම නෛතික අවශ්‍යතාවය මුලුමනින් නොසංසි‍ඳෙන බවයි. ඔවුන් යොජනා කරන්නේ එවන් ඉවත් කිරීමක් සමස්ථයක් ලෙසට බලපාන ලෙසින් සියලුම ඩොමේනයන් ඔස්සේ වන ප්‍රථිපල වලට බලපෑයුතු බවකි. WP29 guidelines ඔස්සේ පැමිනෙන මෙම කාරනා පිලිබදව ලොව ප්‍රධානතම සෙයුම් ප්‍රථිපල ආයතනය වන Google වෙතින් විමසීමේදී තවමත් තමන් මේ පිලිබදව දැනුවත් නොමැති බවට හා එම ප්‍රකාශනය පැමිනි පසුව එය හදාර අවශ්‍ය තීරන ගැනීමට සූදනම් බවටත් පවසා සිටිනවා.