video, audio හා images ගොනු වර්ග අතර පරිවර්ථනයන් සදහා භාවිතාකල හැකි හොඳම මෘදුකාංගයක්(conversion tool) ලෙසට මෙම මෘදුකාංගය සැලකේ. ප්‍රධාන පෙලේ සියලුම Format අතර පරිවර්ථන සදහා සහය දෙන මෙම මෘදුකාංගය සමග video formats වලදී MP4, 3GP, WMV, AVI, MPG, FLV, SWF ගොනු වර්ග සදහාද, audio formats වලදී AMR, MP3, WMA, AAC, AC3, WAV, OGG ගෙනු වර්ග සදහාද, image formats වලදී JPG, PNG, GIF, BMP, TIF, ICO, TFA ගොනු වර්ග සදහාද ලෙසට විශාල වපසරියක ගොනු වර්ග සදහා සහය දක්වනු ඇත. එසේම මෙම මෘදුකාංගය ප්‍රධාන පෙලේ portable devices වල භාවිතාවන media formats සදහාද සහය වේ. ඒවා අතර PSP, Blackberry, iPad, iPod මෙන්ම iPhone වේ. එසේම මෙම ගොනු අතර පරිවර්ථනයේදී තනි ගොනුවක්(File එකක්) මෙන්ම folders ලෙසට තොරා ගන්නටද හැකිවේ. මීට අමතරව Picture converter වලදී Zoom, Rotate, Flip, tags වැනි ක්‍රියා කාරකම් සදහාද මෙම මෘදුකාංගය සහය දක්වනු ඇත. — ස්ථාපනයේදී පියවරෙන් පියවර අවධානයෙන් සිට optional adware toolba එක ස්ථාපනය වීම වැලකීමට( deselect) කටයුතු කිරීම ඉතා වැදගත්වේ—

http://www.pcfreetime.com/download.php?file=FFSetup3.5.0.0.exe