Windows 10 වල version 21H2 යනු මේ වන විටත් නිල සහය නොලබන මෙහෙයුම් පද්ධතියකි. එහි version 22H2 සංස්කරණය පමනක් මේ විට සහය ලබන මෙහෙයොම් පද්ධති සංකරණය වේ. එපමනක් නොව ඔබ තවමත් Microsoft වල පලමු නිකුතුව එනම් Windows 11 වල version 21H2 සංස්කරණය භාවිතාකරන්නෙකු නම් October 10, 2023 දින වන විට මෙම සංස්කරණය සදහාද සහය කාලය අවසන් වන්නට නියමිත බවටයි නිවේදනය වන්නේ. ඒ අනූව මෙම සංස්කරණය සදහාද cumulative updates, fixes, security patches, new features පැමිනීම අවසන් වන්නට නියමිතය. එසේ සහය අවසන්වන්නට නියමිත සංස්කරණ ගොනුවට Windows 11 Home, version 21H2
Windows 11 Pro, version 21H2
Windows 11 Pro for Workstations, version 21H2
Windows 11 Pro Education, version 21H2 යන ඒවා අදාල වේ. ආයතනය උපදෙස් දෙන්නේ ඔබ දෙනටමත් මෙම සංස්කරණ භාවිතාකරමින් සිටින්නේ නම් “Moment” යාවත්කාලීන ඔස්සේ නවතම නිකුතූන් වෙතට පැමිනෙන්නට කටයුතු කරන ලෙසට උපදෙස් ලැබෙනවා. Windows 10 version 22H2 වලට සහය දැක්වීම ඉදිරි වසර දෙක සදහා වලංගු මුත් new feature updates පැමිනීමට නියමිත නොවන බවටයි වැඩි දුරටත් උපදෙස් ලැබෙන්නේ.
Pubudu Siriwnsa