Microsoft සමාගමේ ප්‍රධානතම නිකුතුවක් වන Office මෘදුකාංගයේ මීලග සංස්කරනය පිලිබඳව පසුගිය පෙබරවාරියේ නිවේදනය කරන ලදී. එහිදී ඔවුන් පවසා සිටියේ ප්‍රධාන සංස්කරන දෙකකින් එලබෙන නිකුතුව සමන්විත වන බවකි. එනම් Office Long Term Servicing Channel (LTSC) හා Office 2021 ලෙසටයි. මෙම පලමුවැන්න ආයතනය සදහා හා දෙවැන්න සාමාන්‍ය භාවිතාව සදහා ලෙසට පැහැදිලි කර සිටින ලදී. Microsoft ආයතනයෙන් පැමිනෙන නවතම නිවේදනයක් පවසන්නේ පෙර කී LTSC සංස්කරනය අද සිටත් Office 2021 සංස්කරනය ඔක්තොබර 5 සිටත් භාවිතාවට සූදානම් බවයි.
Pubudu Siriwansa