පරිණත වූ ගනකය නොහොත් පරිගණකය සාමාන්‍ය භාවිතාකරන්නාගේ මේසය මතට උකුල මතට හෝ අත්ලට ගුලිවීම සරල කථාන්දරයක්ම නොවේ. විශාල මිනිස් කැපවීම් ගොනුවක ප්‍රථිපලයකි. එය ගැන වූ ආකාර්ෂනීයත්වය එම ගමන වේගවත් කරන ලදී. Sir Clive Sinclair යනු මේ අපූර්ව කථාන්දරයේ ප්‍රධාන හැරවුමක් සටහන් කල පෘතුවි වැසියෙකි. මෙතුමන් 1980 කාලයේ බ්‍රිතාන්‍යයේ home computers නිර්මාණය වීමේ කැපීපෙනෙන දායකත්වයක් සැපයූවෙකි. ZX80, ZX81,හා ZX Spectrum වැනි, ඒ වන විට වෙළඳ පොලෙහි මිළ අධික පෞද්ගලික පරිගණකය සදහා £100 වැනි මුදලකට විසඳුමක් ගෙනෙන්නට සමත්වූ අයෙකු ලෙසට සැලකේ. පසුකාලීනව Sinclair C5 නම් විද්‍යුත් වාහනයක් පිලිබඳව කටයුතු කිරීමේදී දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුන දුන් අයෙකු ලෙසට මෙතුමාව සැලකෙන අතර 1970 දශකයේදී Sinclair Cambridge Electronic Pocket Calculator හඳුන්වාදීමද මෙතුමන්ගේ ව්‍යායාමයක් ලෙසට ඉතිහාසයේ සටහන්ව ඇත. 81 වියැති මේ අපූරු මිනිසා දිවියෙන් සමුගේ ඇති බවට මේ වන විට තොරතුරු පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa