audio හෝ music ගොනුවක් සංස්කරනයට අවශ්‍ය වන ඔබට ඒ කටයුත්තේ වඩාත් සංකීර්න අංගයන් පවා සරල සැකසුම් ඔස්සේ වෘතීය මට්ටමින් කර ගන්නට මෙම මෘදුකාංගය සහය වනු ඇත. Ocean Framework මත පදනම්ව නිර්මාණය වන මෙම මෘදුකාංගය සමග Virtual Studio Technology pluginsද ක්‍රියාත්මක කරන්නට හැකිවීම තුල නෙක ආකාරයේ effects පහසුවෙන් භවිතාකරමින් වඩාත් අපූරු නිමැවුමකට පහසුවෙන් ලගා වන්නට හැකි වනු ඇත. සිදු කරන වෙනස්කම් Real-time අත්සිඳින්නට හැකිවීම තවත් මෙහි වන විශේෂත්වයකි. multi-selection හැකියාව ඔස්සේ ගොනුවේ විවිධ තැන් කිහිපයක් එකවිට තොරා ගෙන ඒවා වෙතට වෙනස් කම් ගෙනෙන්නට හා ඒවා විමසා බලන්නට හැකිවීම මෙහි වන තවත් කැපී පෙනෙන අංගයකි. advanced memory management system සමග මෙම මෘදුකාංගය තුල විශාල ගොනු පවා විවෘත කොට බාදාවකින් තොරව ඒවා සංස්කරනයට හැකි වන අතර spectrogram view ඔස්සේ එම වෙනස් කම් සජීවීව දකින්නටද හැකිවනු ඇත. නොමිළේ භාවිතාකල හැකි මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටද බාගත කරගන්නට හැකි වනු ඇත.

http://www.ocenaudio.com.br/