අන්තර්ජාලය වෙතට සම්බදවීමේ හැකියාව මූලික අවශ්‍යතාවයක් ලෙසට සැලකෙන යුගයක් මුලු ලෝකයවෙතටම ඉක්මනින් පැමිනෙමින් තිබේ. internet of things වැනි පැමිනීම් වඩ වඩාත් එම අවශ්‍යතාවය තහවුරු කරමින් සිටී. city of New York දෙසින් පැමිනෙන පුවතක් පැහැදිලි කරන්නේ 2015දී අවසාන වන්නට ඉලක්ක කරගත් නොමිළේ භාවිතාකල හැකි public Wi-Fi hotspots පිලිබද ව්‍යාපෘතියක තමන් සිටින බවකි. gigabit වේගයක් සමග පැමිනෙන මෙම සේවාව advertising ඔස්සේ ලබන ලාභයෙන් පවත්වාගෙන යාමට සැලසුම්ව ඇති අතර නගරයේ වඩාත් ජනාකීර්න මෙන්ම ධනවත් කොටස් වෙසෙන පැති ඉලක්ක කර ගනිමින් නිර්මානය කරන්නට තීර්නය වෙමින් ඇති බවට පැහැදිලි කෙරෙනවා. මෙවන් විශාල නිදහස් තොරතුරු ජාල අවකාශයකට එල්ල විය හැකි cyber attacks වැනි නෙක කාරනා පිලිබදවද හදාරමින්සිටින බවටයි වැඩි දුරටත් කිය වෙන්නේ.