අන්තර්ජාලය තුල හුවමාරුවන සෑම තොරතුරු Bit එකක් සදහාම එක සමාන නැතිනම් කිසිදු Bit එකක් සදහා ප්‍රවනතාවක් ලබා නොදීමේ ස්වභාවය Net Neutrality ලෙසට පිලි ගැනේ. මේ අපූර්ව සුවිශේෂි බව ලොව පුරා විසිරී සිටින අන්තර්ජාල භාවිතාකරන්නන් වෙතට සමානව සැලකීමක් ලෙසටද හඳුනා ගත හැක. පසුගිය කාලයේ මතුපිටට පැමිනි යොජනාවක් වූවේ internet service providers වෙතින් මෙම බව ඉක්මවා යන යම්යම් අවසරයන් ලබා දෙන්නට වන යෝජනාවකි. ගාස්තු ක්‍රමයක් වැනි පෙලබවීමක් මත එසේ ආරම්භයේදී සිටම අන්තර්ජාලය මත වූ ඒ අපූර්ව ගුනය පසු පසට ගෙනෙන්නට ඔවුනට අවශ්‍යව තිබිනි. මේ වන විට EU රටවල් වල මේ පිලිබදව නව rules අවසන් සලකා බැලීමක වන අතර Net Neutrality සහය දක්වන්නන් මේ සදහා දැඩි විරෝධයක නිරතව සිටී. ඔවුන් යෝජනා කරන්නේ මෙම පියවර digital Europe වල අනාගත ගමන් මග විනාශ කිරීමක් වනු ඇති බවකි. මෙවැනි සම්මතයන් පැමිනීම් ඔස්සේ අන්තර්ජාලයේ ස්වබාවික ගලායාම වෙනු වට විශාල මට්ටමේ ISP වරුන්ට gatekeepers ආකාරයට හැසිරීමට ඉඩක් ලැබීම ඔස්සේ ඔවුනට අවශ්‍ය සේවාවන් සදහා වැඩි ඉඩක් ලබ දීම සිදුවෙනුඇති බවටයි චෝදනා කෙරෙන්නේ.