Apple දුරකථන ලෝලයින් අතර වූ බලපොරොත්තුවක් වූවේ iPhone 6 හා 6 Plus සමග sapphire crystal ආකාරයේ display එනු ඇති බවටය. එය එසේ සිදු නොවුනු මුත් පලවන නවතම නිල නොවන තොරතුරු බලාපොරොත්තු පල කරමින් සිටින්නේ Apple ආයතනය තම මිලග iPhone නිකුතුව සමග sapphire display සමන්විත කරවන්නේ සැලසුම් කරමින් සිටින බවක්ය. Foxconn ආයතනය 300 acre ඉඩ ප්‍රමානයක ඉදිකෙරෙමින් පවතින නව කර්මාන්තශාලාව මෙම sapphire crystal displays නිෂ්පාදනය ඉලක්ක කරගෙන වනු ඇති බවටයි එම තොරතුරු පැහැදිලි කරමින් සිටින්නේ. iPhone 6 හා 6 Plus සමග මෙම පැමිනීමට සැලසුම්ව තිබුනද මතුවූ ගැටලුකාරී බවක් එය පසු නිකුතුවක් වෙතට පසුබැස දමන්නට හේතුවූ බවටයි පසුව කියවුනේ. වඩාත් නව උපාංගයක භාවිතාව තම භාවිතාකරන්නන් වෙතට ගෙන ඒම Apple ආයතනය හැම විටකම උත්සාහ වීම ඔවුන්ගේ සම්ප්‍රධායක් වන අතර ඔවුනගේ ලොලයන් මීලග නිකුතුවක් වෙනු වෙන් ප්‍රදර්ශනාගාර ඉදිරියේ දින ගනන් බලාසිටින්නට පෙලබීමෙන් එම අනන්‍යතාවය කොතරම් සාර්ථකව ස්ථාවර කර ගෙන ඇද්දැයි යන බවට හොඳම සාධකයක්ව තිබේ.