නෙක වෙළඳ හා තාක්ෂන පදනම් ඔස්සේ පැමිනෙන වෙනස් කම් එලබෙන යුගයේ තොරතුරු අවකාශයේ භාවිතාකරන්නන් හට වඩාත් ගැටලුකාරී වීම හඳුනා ගෙන ඇති ගැටලුවකි. එක් දෙසකින් භාවිතාකරන්නාගේ ජීවිත තුලට තොරතුරු අවකාශය හුදු තොරතුරු ‍රැගෙන එන්නෙක්ම පමනක් නොව තම දෛනික ජීවිතය සමග සංක්‍රියව සම්බඳ වුනු භාවිතාවක් වීම මෙන්ම එක් භාවිතා කරන්නෙකු තම අවශ්‍යතාවයන් අනූව උපාංග කිහිපයක් භාවිතාකිරීම මේවාට උදාහරනය. කලක සිට Microsoft ආයතනයද තම මෙහෙයුම් පද්ධති සමග පෙර කී platforms හා form factors සමග සැසදෙන ‘One Windows’ නැතිනම් ‘OneCore’ වැනි සංකල්ප වලට අවධානය යොමුකර තිබිනි. ඔවුන් මෙම ‘Windows Core OS’ ලෙසට නම් කල උත්සාහය මොබයිල් අවකාශය සමග තරමක දුරට අත්හදා තිබුනද පලවන නවතම පුවත් පවසන්නේ Pc අවකාශය සමගද අත්හදා බලන්නට මේ වන විට සූදානම් වෙමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Polaris සමග අත්හදා බැලෙන්නේ සාම්ප්‍රධායික PC form factors, එනම් desktops, laptops හා 2-in-1 වැනි අවකාශයන්ට වන අතර මෙම නව මෙහෙයුම් පද්ධතියේදී windows 10 සමග වන සමහර අංගයන් ඉවත්වන්නේ වඩාත් පොදු භාවිතාවකට අවකශ සලසා ගැනීමට බවටයි පැහැදිලි වන්නේ. මෙම Polaris වල නිකුතුවක් පිලිබඳ බලාපොරොත්තුව 2019ට මේ වන අනුමාන වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa